ක්‍රිකට් සහ ටෙලිනාට්‍ය නිසා මිනිසුන්ගේ ජීවිත වලට සිදු වූ නොයෙකුත් අකරතැබ්බ සහ හාස්‍යය ජනක මෙන්ම දුක්බර සිදුවීම් ද අසා දැක ඇත්තෙමි.
ටෙලිනට්‍යයද,ක්‍රිකට් තරඟයද, තමන්ට හැකි ලොකුම බලපෑමද ලාංකිකයාට සිදුකරමින් පවතියි.වැඩ ඇරී ගෙදර එන සැමියාද, තම දරුවන්ද, නොසලකාහරින සමහරක් වනිතාවන් හවසට “මහගෙදර” පවුලට සිදුවන අකරතැබ්බ දැක හොටුපෙරමින් හඬාවැලපෙති.ජීවිතය යනු එක එක පාට සාරි සහ විටින් විට කොලයක් අත්සන් කර සැනෙකින් සිදුකරන දික්කසාදද, රට පුරා නොදන්නා ඉසවු වල අවජාතක (මෙය වැරදියට තෙරුම් නොගන්න) දරුවන් සිටීමද,පුංචි ප්‍රශ්නයක් ආවද එය විසඳාගනු වෙනුවට ඇමරිකාවේ සිටින ආන්ටි ලඟට යාමද බවට නොසැලෙන විශ්වාසයක් ලාංකිකයා තුල ජනිත විය. කලකට පෙර සමහරෙකු ක්‍රිකට් තරඟයක පරාජය දැක හෘද්‍යාබාදයක් වැලඳී මියගියේය.සමහරු තමන්ගෙ සියලු දේ සහ සියලු අය අමතක කර රූපවාහිනිය හරහා තරඟ නරඹන අතර සමහරු අතින් වියදම් කරගෙන ක්‍රීඩා පිටියටම යයි. එහෙත් එතැනටගොස් මොවුන් තරඟය නරඹනවාද යන්න නම් ප්‍රශ්නයකි. කොහෙන්හෝ ජාතික කොඩියක් සහ සංගීත භාන්ඩ කිහිපයක් සොයගන්නා සමහරු.ජාතික අභිමානයෙන් වියරු වැටෙති.දන්න සේරම විකාර කරනා සමහරු කොහේ හෝ කොනකින් පටන් ගන්නා අත්පොලසන් නාදයකට අනුව තම පිලේ ලකුණු වලට මෙන්ම දැවීගිය කඩුල්ලටද හුරේදමති.”කවුරු මොන ආත්ල් එක ගත්තත් තමුසෙට මොකද ඕයි?” කවුරුන් හෝ අසන්නට බැරිනැත. ඇත්තටම කවුරුන් හෝ කුමන ආතල් එකක් ගත්තද මට කමක් නැත.මා කීමට උත්සාහ ගන්නෙ මේ උන්මාදයන් මැද බිඳවැටෙන මානුශික සම්බන්ධතා ගැනය.රූපමය හා වානිජයමය ප්‍රබන්ධයක් පමනක් වන ටෙලිනාට්‍යය හා ක්‍රිකට් තරඟය තම ජීවිතයට සහ පුද්ගල සම්බන්ධ තාවයන්ට බලපෑමක් වන තරමට බදාවැලඳ ගැනීමට තරම් ලාංකිකයා මෝඩවූයේ ඇයි? මෙයට මනෝවිද්‍යාත්මක පිලිතුරක් තිබිය යුතුය. එහෙත් එය පැහැදිලි කිරීමට තරම් මම උගතෙකු නොවෙමි.දන්නා කෙනෙකු වේනම් පැහැදිලි කිරීම පිනකි.අද දවස වනවිට මෙම ඉහත කාරනා දෙක පවුල් රාමුවෙන් ඉවතට පැන ජාතික මට්ටමෙන්ද විශාල ප්‍රශ්න ඇතිකරමින් සිටී.තම පෙම්වතාගේ පියාගෙන් තමන්ට හා තම ආදර සම්බන්දතාවයට සිදුවූ කෙනෙහෙලිකම් නිසා ඇය කෙරෙහි අනුකම්පාව උපදවාගත් ලාංකිකයා පබා කුමාරිව රටේ පලමු උත්තරීතර තැනට යැවීය. “මට හරියට වැදුනොත් මැච් එකත් ගොඩ තමයි” න්‍යාය ඉදිරිපත් කල හිටපු නායකයෙකුද වන ලංකා ක්‍රික්ට් පිලේ ආකර්ශණීයම පිතිකරුවාද අර අහවල් උත්තරීතර තැනට යැවීමට තරම් ලාංකිකයා ගුනගරුක විය. හොඳින් හිතන්න. පාර්ලිමෙන්තු ගියේ පබා කුමාරි සහ ලංකා ක්‍රික්ට් පිලේ ආකර්ශණීයම පිතිකරුවා මිස අනුශා ස්වර්නමාලි සහ සනත් ජයසූරිය නොවේය. උගත් බුද්ධිමත් පුද්ගලයින් ඡ්න්දයෙන් පැරදෙද්දී පබා කුමාරි සහ ලංකා ක්‍රික්ට් පිලේ ආකර්ශණීයම පිතිකරුවා ජය ගත්තෝය. හිතන්න ඔය හිස් කබල අතුලෙ මොලේ එක තේ හැන්දක්වත් ඇත්නම් මෙය මොනතරම් භයානක සිදුවීමක්ද? අද රට වලපල්ලට යන්නේ වැරදි පාලනය නිසානම් පලමුව දංගෙඩියට යැවිය යුත්තේ දේශපලකයා නොව මොවුනට බැනබැන නුසුදුස්සන් පාර්ලිමේන්තු යවන ඡන්දදායකයාවය.ගොනෙකුට සෑදලය බැඳ රේස් පිටියට යවයි නම් කෙවිටිපහර දිය යුත්තේ අශ්වයා වෙනුවට ගොනෙකු තරඟයට යැවූ මෝඩයාට මිස තරඟයට නොදුවා පිටියමැද තන උලාකන ගොනාට නොවේය.
ක්‍රිකට් සහ ටෙලිනාට්‍ය ට ප්‍රථමයෙන් මනුස්සකම , ආදරය , බුද්ධිය , පෙරට එන දවසක් (හීනෙන්වත්) උදාවෙවයි අවසන් වශයෙන් පතමි…!
ප:ලි: මම මෙම ආසන්න හේතු වලින් පෞද්ගලිකවම හිත් වේදනා විඳි අයෙකු වෙමි.ලිපිය ලියන්න ආරම්භ කලේද ඒ කේන්තිය විසින් ඇතිකල ආවේගය නිසා වෙන් බව කීමටද මම අවංකවෙමි.

2 responses to “ක්‍රිකට් සහ ටෙලිනාට්‍ය ට ප්‍රථමයෙන් මනුස්සකම , ආදරය , බුද්ධිය (හීනෙන්වත්)”
dayal - bathee
මාර්තු 20th, 2011 දින 21:50 ට
I couldn’t find upul shanta sannasgala web site, but to read about him and his mother please click the link below,
http://www.elakiri.com/forum/showthread.php?t=278452
ගෝල්ඩ් fish
මාර්තු 29th, 2011 දින 02:36 ට
හරියට හරි මචං… මට ඡන්දේ දෙන්න අවස්ථා 4ක් හෝ 5ක් ලැබුනා… ඔක්කොම අවස්ථා ටික නිදැල්ලේ හැරියා. හික්… මං අාසාම නෑ දේසපාලනේට…
ඒ වගේමයි ඔය ගොන් දෙපැයට… වෙලාවට අපේ ගෙදර ඔය කතා එකක්වත් බලන්නේ නෑ… ප්රවෘත්ති විතරයි. ඒ ඔක්කොම අපිට පුරුදු කලේ අම්මයි තාත්තයි.