ලියන්න කියල උකුල්මතය (laptopඑක) ගත්තට ලියන්න දෙයකුත් නැහැ වගේ මොකද දැන් සති දෙකකින් විතර හරියට එලියට බැස්සෙ නැහැනොවැ. අනේ කම්මැලි කමටම නෙවෙයි ඒකත් 45% විතර තියනවා ඉතුරු හරියට වග කියන්න ඕනෙ මේ සුන්දර ඉතාලියෙ කාලගුණය. හිංගලෙන්ම කියනවනම් පට්ට් සීතලයි ඒ මදිවට හුලං කොච්චරද කියනවනං ඕං අපේ ඉන්දරේ එලියෙ හිටගත්තොත් ගහගෙන යන තරම්.මම මෙ කියන්නෙ අමූලික ඇත්ත.බොරුනං ඇවිත් බලන එකයි. ඕං ඒකට අපේ මවු රට ඉදල හිටල වැස්සෙන් ටිකක් කරදර උනාට අපේ මිනිස්සුන්ගෙම වරදින් ගං වතුර නාය යෑම් උනාට ඉතිං ශ්‍රීලංකාව කාටද දෙවෙනි? පහත රූප ගත්තෙ මෙතනින්  www.climatetemp.info/