Posts from the ‘Uncategorized’ Category

මට හිතිච්ච දේ

කිසිම ගැහැනියෙකුට තවත් පිරිමියෙකු හෝකිසිම පිරිමියෙකුට තවත් ගැහැනියෙකුව තේරුම් ගත නොහැකිය….
ඒ සමහර විට ගැහැනුන් එක් ආකාරයකටත් පිරිමින් තවත් ආකාරයකටත් සිතන පතන නිසා විය හැකිය……
මට වැඩියෙන්ම රිදෙන්නේ තවත් අයෙකු මා වැරදියට තේරුම් ගත් විටය ඉහත කරුනු අනුව මට එහෙම දුක හිතෙන එක අසාදාරණ වියහැකිය….
බුදුරජානණ් වහන්සේ දේශනා කලේ අනුන්ව පසෙකතබා පලමුව තමන් තේරුම් ගන්න කියාය…එහෙත් මම මා ගැනම හිතන හැම විටම ”මට මේ මොකද වෙන්නේ” කියා මටම සිතේ. කලකට පෙර මම මා ගැන හිතන එක අත් හැරියෙමි .මමත්වයත් මහම එපාකරපු දෙයකි.

තවත් කාලයකට පසු මම මා ගැන හිතන්න නැවතත් පෙලඹුනෙමි. මගෙ අනාගතය ගැන හීන මැව්වෙමි. මට වැරදුන බව තේරෙන විට මම මගෙ හීන සමග සෑගෙන ඉහලකට පියාඹා හමාරය. ඇස් ඉදිරිපිටම පියාපත් බොඳවී අතුරුදන් විය. ඊයම් බරුවක් මෙන් ඇදවැ‍ටුනු මා පොලවට පතිත වනවිට කෙලින්ම වැදුනේ ඔලුවය සියලු සංවේදන අහිමිවී මා සම්පූර්නයෙන් හිරි වැ‍ටුනු නිසාත් කලින් වරින් වර ඇදවැටී පුරුදු නිසාත් මහා වේදනාවක් නොදැනුනි.. සාංකාවක් සමග තරමක සිහි විකල් බවක් නම් ඉතිරිවිය.
හොඳ සිහිය වේදනාවක් වෙන තරමට සිහි විකල් බව නම් මට මහත් අස්වැසිල්ලකි.

අතීතය ගැන හිතන විට ‘මම නං කෙලවගන්නම උපන් එකෙක්’ කියා හිතේ
වර්තමානය ගැන හිතනවිට ‘ඇයි අප්පා මටම කෙල වෙන්නේ ‘ කියා හිතේ
අනාගතය ගැන හිතන විට ‘ඒකටත් කෙල වෙයිද දන්නෙ නැහැ ‘ කියා හිතේ

”කෙල උනොත් කෙල වෙච්චාවෙ” කියා කිසිවක් නොහිතා ඉන්නටද හිතේ.

ඒත් මෙ කෙල වීමේ කෙලවරක් නැත.
..

මතකයි….!

උදේ හවස නුඹ දකින්න
පෙර මග හිඳ කල් මැරු හැටි
නුඹ යන මග නුඹ පසුපස
නුඹට හොරෙන් මම ආ හැටි

ඒ උනුසුම විඳගන්නට
නුඹට හොරෙන් ළංවුන හැටි
නුඹ කවුදැයි දැනගන්නට
දවස පුරා තතු සෙව් හැටි

යූරෝ ඉතාලිය සහ අපෙ මිනිස්සු

යූරෝ 1000 ක් කියන්නෙ දල වශයෙන් බැලුවොත් රුපියල් වලින් 140000 ක් මේවගෙ වැ‍ටුපක් ලන්කාවෙදි ගන්න එක නම් හීනයක්ම තමයි.

මෙහෙදි නම් එක මසයකදි අතට ලැබෙන ගාන අඩුම තරමින් යුරො 600 – 800ක් එත් ඒ සල්ලි අතට ගන්න මිල කරන්න බැරි තරම් කැප කිරීම් කරන්න ඕනෙ. තමන්ගෙ පවුලෙ අය,යාලුවො , තමන්ගෙ රට හැම දේම අත් ඇරල අවිත් සාරයක් නැති ජීවිත ගෙවන මිනිස්කමත් නොමිනිස්කමත් අතර දෝලනය වෙන මිනිස්සු අතර තනිවෙලා නිදහස කියන දේ අමතක කරල තමන්ගෙ දැනුමෙන් බුද්දියෙන් අඩකටත් අඩු ප්‍රමානයකට හිමිකම් කියන මිනිස්සුන් යටතෙ යන්ත්‍ර වගෙ වැඩකරලා ජීවිතය දියවෙලා යනවා.
මට දුක ලන්කාවෙ ඉන්න අපෙ මිනිස්සු දැනගෙන හරි නොදැනගෙන හරි මේ අපාය දිව්ය ලෝකයක් කියල හිතන් මෙහෙටම එන්න හදන එක ගැන.
ඒ දේටත් වග කියන්න ඔනෙ මෙහෙ ඉදල ලන්කාවට ඇවිත් මැජික් පෙන්නන අපේම මිනිස්සු තමයි.

Buruට පිලිතුරක්

ඉතින් ඔබට මම සහෝ කියල ඇමතුවට කමක් නැහැනෙ. සහෝ
1. මම බ්ලොග් එක පටන් ගද්දිම කියල තියනවා මම ඇවිත් ටික දවසයි කියලා.
2.මම මෙතනදි පැහදිලිවම කියල තියනව මගෙ මේ ලිපිවල අරමුණ
3.මම මෙතනදි කියල තියනව මම ගියේ විදේශිකයන්ට තමුන්ගෙ භාෂාව උගන්නන්න වෙන් කරපු පන්තියකට
ඉතින් සහෝ මට පහතින් පෙන්නල තියන දේ වැරද්ද මට පෙන්නල දෙන්න
1.මම ගියේ විදේශිකයන්ට තමුන්ගෙ භාෂාව උගන්නන්න වෙන් කරපු පන්තියකට
2.මම කතාකලේ යුරෝපීය ජාත්යන්තර භාෂාවකින්
3.මෙක හද්දා යුරෝපීය රටක්
ඉතින් මම කියන්න උත්සහ කලේ මෙවගෙ අවස්ථාවකදි අපේ රටේ ගුරුතුමෙක් හරි ගුරුතුමියක් හරි මෙහෙම හැසිරෙන්නෙ නැහැ කියල මම නැවතත් කියන්නම් පැහැදිලිවම කියනව
”මේ වගේ අවස්තාවකදි” කියල
මම සහෝ කියන දෙට ගරුකරනව මම පිලිගන්නව හමෝම මෙහෙම නැහැ කියලත් ඒත් මම පැහැදිලිවම කියනව මම මෙ ලිපිවලදි බොරුවක් නම් කියල නැහැ කියලා. අනිත් එක මගෙ ලිපිය ලීයපු රටාව බලුවනම් හොදටම තේරෙනවනෙ මම මෙ කියන්නෙ ”මට වෙච්ච දෙයක්” කියල ඉතින් දෙය්යනෙ මගෙ බ්ලොගෙකෙ මට වෙච්ච දෙයක් මගෙ හැගීම් වලට අනුව ලියන්න පුලුවන්නෙ නේද සහෝ.
මොනව උනත් සහෝ ඔයගෙ වෙලව යොදවල මගෙ මෙ බ්ලොග් එකට ඇවිත් මෙච්චර දිගට ප්‍රතිචාරයක් දාපු එකට මම ස්තුති වන්ත වෙනවා.අකමැත්තක් නතිනම් මගෙ මූණුපොත පත්තට අවිත් එකතු වෙන්න. ඔබට කරන ගරු කිරීමක් වශයෙන් මම මින් පසු මේ ගන ලියද්දි වෙනස් රටාවක් අනුගමනය කරන්නම්. ඔබට බුදුසරණයි

fratello, in primo luogo ho dovuto usare il traduttore di Google per capire il tuo commento l’Italia e per favore non essere scuse. quindi per favore about.this capire di cosa sto parlando è il mio blog e ho diritto di scrivere quello che il mio cuore dice. quindi in realtà mi dispiace tanto perché qualcuno aveva cuore a causa del mio blog prego di scusarmi. così si prega di venire al mio blog in qualsiasi momento è possibile e lasciare il vostro commento.

අපිව ‍රැක බලා ගන්නෙ අම්මා කෙනෙක් වගේ.

ලියන්න කියල උකුල්මතය (laptopඑක) ගත්තට ලියන්න දෙයකුත් නැහැ වගේ මොකද දැන් සති දෙකකින් විතර හරියට එලියට බැස්සෙ නැහැනොවැ. අනේ කම්මැලි කමටම නෙවෙයි ඒකත් 45% විතර තියනවා ඉතුරු හරියට වග කියන්න ඕනෙ මේ සුන්දර ඉතාලියෙ කාලගුණය. හිංගලෙන්ම කියනවනම් පට්ට් සීතලයි ඒ මදිවට හුලං කොච්චරද කියනවනං ඕං අපේ ඉන්දරේ එලියෙ හිටගත්තොත් ගහගෙන යන තරම්.මම මෙ කියන්නෙ අමූලික ඇත්ත.බොරුනං ඇවිත් බලන එකයි. ඕං ඒකට අපේ මවු රට ඉදල හිටල වැස්සෙන් ටිකක් කරදර උනාට අපේ මිනිස්සුන්ගෙම වරදින් ගං වතුර නාය යෑම් උනාට ඉතිං ශ්‍රීලංකාව කාටද දෙවෙනි? පහත රූප ගත්තෙ මෙතනින්  www.climatetemp.info/

Hello world!

Welcome to WordPress.com. This is your first post. Edit or delete it and start blogging!